Electronic Programming

Multi meeter භාවිතය

Multi meeter වර්ග දෙකකි.

  • Analog Multi Meeter.     analog
  • Digital Multi Meeter.     digital
  • Analog Multi Meeter.

    AC විදුලිය, DC විදුලිය, ධාරාව හා ප්‍රතිරෝධය මැනීමට වැඩි වශයෙන් අවශ්‍ය වේ.

    මල්ටි මීටරයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

    analog
    • AA බැටරි 2 ක් සහ 9V බැටරියක් සම්බන්ධ කිරීමට හැකියාවක් තිබීම.
    • මල්ටි මීටරයේ කටුව 0 වෙි දැයි පරික්ෂා කිරීම. (ප්‍රතිරෝධ අගය 1 සිට)
    • මල්ටි මීටරයේ කටුව පාඨාංකය පසු කර නොයෑම.
    • ප්‍රතිරෝධ අගය 1 පරාසයේ දී ප්‍රතිරෝධය නොපෙන්විය යුතුය.

    මල්ටි මීටරයක් භාවිතා කරන ආකාරය.

    analog

    මල්ටි මීටරයක් භාවිතා කර විදුලි උපකරණ පරීක්ෂා කරන ආකාරය.

    1. හොඳින් වැඩ කරන විදුලි උපකරණ මීටරයට පෙන්වන ආකාරය.
      • Multi Meeter එකෙහි කටුව මධ්‍ය ලක්ෂයත් ආරම්භක ස්ථානයත් අතර දෝලනය වේ. මෙවැනි පිහිටීමක් පෙන්වන ඕනෑම විදුලි උපකරණයකට 230 V විදුලිය ලබා දිය හැකිය. මෙවැනි උපකරණ හොඳ තත්වයේ පවතින අතර පරීක්ෂා කරන අවස්ථාවේ උපකරණය ON කර තිබිය යුතුය.
        analog
    2. වැඩ නොකරන විදුලි උපකරණ මීටරයට පෙන්වන ආකාරය.
      • මල්ටි මිටරයේ කටුව නොසෙල්වී ආරම්භක ස්ථානයේ පවතී. මෙවැනි අවස්ථාවකදී උපකරණයට විදුලිය ලබා දීමෙන් පලක් නැත.
        analog
    3. Short වීමක් ඇති විදුලි උපකරණ මීටරයට පෙන්වන ආකාරය.
      • මල්ටි මිටරයේ කටුව 0 දක්වා ගමන් කරයි. මෙවැනි අවස්ථාවකදී උපකරණයට විදුලිය ලබා දීමට නොහැක.
        analog
    4. වෝල්ටීයතාවය අඩු විදුලි උපකරණ මීටරයට පෙන්වන ආකාරය.
      • මල්ටි මිටරයේ කටුව මධ්‍ය ලක්ෂයත් 0 ත් අතර දෝලනය වේ. මෙවැනි අවස්ථාවකදී උපකරණ අඩු වෝල්ටීයතාවයෙන් වැඩ කරයි 3V, 6V, 12V, 24V, 110V.
        analog