Power Electrical

ගෘහ විදුලි පරිපථය

ශ්‍රි ලංකාවේ ප්‍රධාන ජව සැපයුමෙන් සේවා රැහැන (Al -7/1.35mm / Cu -7/1.04mm) හරහා වෝල්ටීයතාවය 230 v ක් හා සංඛ්‍යාතය 50 Hz ක් වූ ද, උපරිම ධාරාව 30 A ක් හෝ 60 A ක් වූ ද තනි කලා ප්‍රත්‍යාවර්ථ විදුලි සැපයුමක් ගෘහස්ථ පාරිහෝකයින් සඳහා සපයනු ලබයි. මෙම එකලා සැපයුම ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී තෙකලා 400 V ක 30 A / 60 A ක ජව සැපයුමක් ලබාගත හැකිය.

ගෘහ විදුලි පරිපථය සඳහා ප්‍රධාන උපාංග සම්බන්ධ වන ආකාරය පිළිවෙළින්.

  1. Service meter
  2. Service Main Switch
  3. Main Switch
  4. Trip Switc
  5. MCB

ගෘහ විදුලි පරිපථය සඳහා අවශ්‍ය ප්‍රධාන උපාංග.

  1. Service Meter
  2. item item

    පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණය මනුගත කිරීම කිවලෝ kwh මීටරය මගින් සිදු කරනු ලබයි. 1000 W ජවයකින් යුත් විදුලි උවාරණයක් පැය 1 ක කාලයක් අඛණ්ඩව ප්‍රධාන විදුලි බල සැපයුමට සම්බන්ධ කර ක්‍රියාත්මක කළ විට එම විද්‍යුත් ජව ප්‍රමාණය (1kwh = UNIT 1ක් ලෙස) මනුවේ සටහන් වේ. සංඛ්‍යාංක හා ප්‍රතිසම යන ආකාර දෙකෙන්ම කිලෝ වෙට් පැය මීටරය භාවිතා වේ.

    item

    ප්‍රතිසම Kwh මීටරය ක්‍රියාත්මක වනු ලබන්නේ චුම්භක මූලධර්ම මත චලනය වනු ලබන තැටියක භ්‍රමණය මගිනි. භ්‍රමණය අනුව ගලන ධාරාව සහ සැපයෙන වෝල්ටීයතාවය මත ක්‍රියාත්මක වන චුම්භක පථයන් දෙකක‍ අන්තර් ක්‍රියාකාරීත්වය තුළින් එම තැටිය භ්‍රමණය වේ. ඒකක එකක් සඳහා තැටිය භ්‍රමනය වන වට ගණන rev/kwh වලස සඳහන් කර ඇත.

  3. සේවා විලායකය
  4. item item item

    පාරිභෝගිකයා වෙත සපයනු ලබන විද්‍යුත් ධාරා ප්‍රමාණය සීමා කරනු ලබන්නේ සේවා විලායකය මගිනි. නියමිත ධාරා අගයට වඩා වැඩි විදුලි ධාරාවක් නිවස තුළට ගලා යන විට සේවා විලායකය දැවී ගොස් නිවසට සැපයෙන විදුලි ධාරාව විසන්ධි කරනු ලබයි. සාමාන්‍ය ගෘහස්ථ පාරිභෝගිකයින් සඳහා 32 A ක Isolator එකක් හෝ MCB එකක් භාවිතා වේ.

    Service Meeter සහ Service MCB සම්බන්ධ සියළුම නඩත්තු කටයුතු හා හිමිකම් ලංකා විදුලිබල මණ්ඩලය සතුවන අතර පාරිභෝගිකයාට ඒ හා සම්බන්ධ නඩත්තු හා අළුත්වැඩියා කටයුතු සපුරා තහනම් වේ.